එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට එක්ව කටයුතු කිරීම නිසා රටට බොහෝ දේවල් ලබා දීමට හැකි වූ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
එහෙත් ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවද අද (10දා) පක්ෂ දෙකෙහි නියෝජිතයන් එක්ව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කරන ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉදිරියේදී දැකගත හැකි බව එම පක්ෂයේ උපලේකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
පක්ෂ දෙක එකට එකතු වී රට තුළ සිදු කළ වැඩ කොටස හේතුවෙන් ජාත්‍යන්තරයේ ප්‍රසාදය හිමිව තිබෙන බවත්, එහෙත් ඒ පිළිබඳ රට තුළ ප්‍රසිද්ධියක් ලැබී නොමැති බවත් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ අමාත්‍ය මහින්ද සමරසිංහ යන මහත්වරු සඳහන් කළහ.
ගෙවුණු වසර තුනක කාලය තුළ රටට විශාල සේවයක් සිදුකර තිබෙන බව මහින්ද සමරසිංහ මහතා කියා සිටියේය.