එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා ලැයිස්තුවල සිටින සියලුම රණවිරු අපේක්ෂකයන්ට ඉල්ලා අස්වන්නැයි 'මව්බිම වෙනුවෙන් රණවිරුවෝ' සංවිධානය ඉල්ලීමක් කරයි.
පසුගිය කාලයේදී රණවිරුවන් අවතක්සේරු කළ එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට රණවිරුවන්ට අයිතියක් නැති බවත්, රණවිරු පවුල්වලින් ඡන්දය බලාපොරොත්තු නොවන ලෙසත් එම සංවිධානය සඳහන් කළේය.
කොළඹදී අද (16දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ පිළිබඳව අදහස් දැක්වූ ලුතිනන් ජයන්ත කොඩිතුවක්කු මහතා මෙම අදහස් දැක්වීය.