ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයට මුහුණ දෙන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ආයතන සංවිධායකවරුන් හා දිස්ත්රික් කළමනාකරුවන්, නීති ලේකම්වරුන් අගෝස්තු 03 වැනිදා කොළඹට කැඳවා තිබේ.
මෙහිදී පළාත් පාලන ආයතන මැතිවරණයට මුහුණ දීම සඳහා බිම් මට්ටමේ සිදුකළ යුතු වැඩකටයුතු පිළිබඳ සහ අවසන් අපේක්ෂක ලැයිස්තු සකස් කිරීම පිළිබඳ ප්රධාන වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.
මීට අමතරව ඉදිරියේදී පැවැත්වෙන එක්සත් ජාතික සංවත්සරය පිළිබඳ සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.