එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය තවදුරටත් ඉන්දියාව විසින් දක්වන බව ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා පැවසීය.
‘මෝදි යටතේ ඉන්දියාව’ නමින් දේශනයක් කොළඹදී පවත්වමින් හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කර තිබෙන බව ‘ද හින්දු’ පුවත් සේවය පවසයි.
එසේම ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේදී තමිල්නාඩුව වැදගත් නොවන බවත්, ශ්‍රී ලංකාවේ ඇත්ත තත්ත්වය දැකබලාගැනීමට තමිල්නාඩු මහඇමතිනී ජයලිලිතාට ආරාධනා කරන බවත් සුබ්‍රමනියම් මහතා සිය දේශනයේදී වැඩිදුරටත් පවසා තිබේ.