එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් භාණ්ඩ ප්රවාහන හෙලිකොප්ටරයක් දකුණු සුඩානයේදී කඩා වැටී ඇති බව වාර්තා වෙයි.
නිල නොවන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මෙම හෙලිකොප්ටර් යානයට ප්රහාරයක් එල්ල වී ඇති බවයි.
මෙම අනතුරින් එහි කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එක් අයෙකු දිවි ගලවා ගැනීමට සමත්ව ඇති බවද පැවසෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දකුණු සුඩාන සාම සාධක මෙහෙයුමට සම්බන්ධව කටයුතු කර ඇති Mi-08 හෙලිකොප්ටර් යානයට ප්රහාරයක් එල්ල වී ඇති බවට සැක කෙරෙන බව එම සංවිධානය පවසයි.
දකුණු සුඩාන හමුදා හා එරට කැරලිකරුවන් අතර පවතින ගැටුම් හේතුවෙන් මේ වනවිට දහස් ගණනක් ජීවිත අහිමි වී තිබේ.