සමාජජාල වෙබ් අඩවියක් වන Twitter වෙබ් අඩවිය අද (07දා) උදෑසන ලොව පුරා ඇතැම් ස්ථානවල තාවකාලික ඇණහිටීමක් පෙන්නුම් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
විශේෂයෙන්ම ජපානය හා ඇමෙරිකාවේ නැගෙනහිර කලාපය තුළ මෙම ඇණහිටීම බහුල ලෙස වාර්තා වී ඇති බව කියැවෙයි.
අවසන් වරට මෙම සමාජජාල වෙබ් අඩවියේ මෙවැනි ඇණහිටීමක් වාර්තා වී තිබුණේ ඔක්තෝබර් 26 වැනිදාය.