TNA ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත්විය යුතුයිලු
දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මන්ත්රීවරයාත් එම්.ඒ. සුමන්තිරන් මන්ත්රීවරයාත් වහාම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉල්ලා අස්වී රජය සමග යළි සාකච්ඡා කළ යුතු යැයි දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරෙෂ් ප්‍රේමචන්ද්‍රන් පැවසුවේය.
යාපනයේදී මාධ්‍ය සමාජයේදී මාධ්‍යවේදීන්ට අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා ඊයේ (01දා) මේ බව කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත්අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ රජය උතුරු නැගෙනහිර එකතු නොකරන බවත්, බුද්ධාගම පමණක් රාජ්‍ය ආගම කරන බවටත් ප්‍රකාශයක් නිකුත් කළ අවස්ථාවේදී මේ දෙදෙනා නිහඬව සිටීමෙන් දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් බිඳවැටී ඇති බවයි.
මේ නිසා ඔවුන් දෙදෙනාම මේ අවස්ථාවේදී ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉල්ලා අස්වී රජය සමග සාකච්ඡා කොට රජයේ ස්ථාවරය වෙනස් කරගැනීමට උත්සාහ කළ යුතුව ඇති බව පෙන්වා දෙන හිටපු මන්ත්‍රීවරයා තමන් මේ ගැන ඔවුන් දෙදෙනාට ලිඛිතව දැනුම්දී ඇතැයිද පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

