උතුරේ දෙමළ ජනතාව වෙනුවෙන් මූලික කරුණු 5ක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාසමග ඊයේ (12දා)ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් සිදු කළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් මහතා කියා සිටියේය.
දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන නායක ආර්.සම්බන්ධන්, ඉලංගෙයි තමිල් අරැසකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයික්කලනාදන්, ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්තන් සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරම් මහත්වරු අය මෙම සාකච්ඡාවට සහභාගී වී ඇත.
මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය රාජිත සේනාරත්න යන අයද සහභාගී වී ඇති අතර එහිදී උතුරේ දෙමළ ජනතාව යුද්ධයෙන් පසුව නැවත පදිංචි කරවීමේදී ඇතිව තිබෙන ගැටලු, උතුරේ පවතින ඉඩම් ගැටලු ආදී කරුණු පහක් සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.