ඉන්දියාවේ මුම්බායි හිදී පැවැත්වූ ආසියාවේ විශාලතම විද්‍යා හා තාක්ෂණ ප්‍රදර්ශනය වන TECHFEST - 2015 වෙනුවෙන් රොබෝ තාක්ෂණ (Robotics) අංශයෙන් තරග කර පළමු වැනි ස්ථානය දිනාගත් ශ්‍රී ලංකා ජර්මානු තාක්ෂණ ආයතන (German Tech) ශිෂ්‍ය කණ්ඩායම ජනවාරි 01 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය.
ඊජිප්තුව, බංග්ලාදේශය, ප්‍රංශය, ඉන්දියාව, ඉතියෝපියාව, පිලිපීනය, දකුණු කොරියාව, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල් 10 මෙවර තරගයට ඉදිරිපත් වූ රටවල් වන අතර, ශ්‍රී ලංකාවෙන් ICBT ආයතනය, මොරටුව විශ්වවිද්‍යාලය හා ජර්මානු තාක්ෂන ආයතනය විසින් කණ්ඩායම් 3ක් ඉදිරිපත් කර තිබුණි.
මීට පෙර 2013 වසරේ පැවති මෙම තරගාවලියේදී දෙවැනි ස්ථානයත්, 2014 වසරේදී පළමු ස්ථානයත් දිනාගැනීමට ජර්මන්-ටෙක් සිසුන් සමත් වූහ.