පොලිස් විශේෂ කාර්යබළකායේ අණදෙන නිලධාරිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ් මහතා පත් කර තිබේ.
අදාළ තනතුරට ලතිෆ් මහතා පත් කරන ලෙසට ජාතික පොලිස් කොමිසම පසුගිය 09 වැනිදා නිර්දේශ කර තිබුණත් ඊට අදාළ පත් කිරීම් පොලිස් මූලස්ථානය සිදු නොකළේය.
එහෙත් අද (18දා) දිනයේදී පත් කිරීමට අදාළ පත්වීම් ලිපිය පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට භාරදී තිබේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ් මහතා බඳවා ගැනීම හා පුහුණු ජාත්‍යන්තර සම්බන්ධතා භාර නිලධාරියාද වේ.