කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (11දා) දිනයේ ගනුදෙනු අවසන් වනවිට තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් S&P SL20 මිල දර්ශකය ඒකක 4,000 සීමාව පසු කළේය.
ඒ අනුව, කොටස් වෙළෙඳ පොළ S&P SL20 මිල දර්ශකය අද දිනයේදී ඒකක 4013.18 ලෙස සමාප්තිය සනිටුහන් කළේය.
2012 ජූනි මස 26 වන දින හඳුන්වා දෙනු ලැබූ මෙම මිල දර්ශකය අවසානයේදී 8.4% ක් වර්ධනයක් පෙන්වා තිබුණි. S&P SL20 මිල දර්ශකය 2013 අවසානයේදී 5.8% වර්ධනයක් සටහන් කර තිබූ අතර 2014 වර්ෂයේ අද දින වනවිට එය 23% ලෙස සටහන්ව තිබේ.