දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් සිය සේවා බිඳ වැටිමක් සිදුව ඇති බවත් එම බිඳ වැටුණු සේවාවන් කඩිනමින් යථා තත්ත්වයට පත් කරන බවත් ශ්රී ලංකා ටෙලිකොම් ආයතනය පවසයි.
ඔවුන් නිකුත් කළ ට්විටර් නිවේදනයක දැක්වෙන්නේ ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව කනගාටුවද ප්රකාශ කරන බවයි.