ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය ලබාදීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එකඟ වී තිබෙන බව වාර්තා වෙයි.
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ පාර්ශ්වයක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සභාපති තනතුරට පත්කරගත් අතර තවත් කොටසක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සභාපති තනතුරට පත්කර ගත්තේය.
එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂ සභාපතිවරයා විය යුත්තේ ජනපති ධුරය දරණ තැනැත්තාය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෙට (16දා) නැවතවරක් රැස්වීමට නියමිත බවත් වාර්තාවෙයි.