මහජනතාවට කාර්යක්ෂම හා ඵලදායී ලෙස සේවාවන් ලබාදීම අරමුණු කරගනිමින් රජ්ය සේවකයන්ගේ තත්ත්වය ඉහළ නැංවීම උදෙසා කළමනාකරන සේවා සහ සම මට්ටමේ නිලධාරීන්, කාර්යාල කාර්ය සහායකයන් සහ රියදුරන් සඳහා පුහුණුවීමේ පාඨමාලාවන් ශ්රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය විසින් මේ වනවිට සකස් කර ඇත.
නොමිලේ පැවැත්වෙන මෙම පාඨමාලා සඳහා ලියාපදිංචි ගාස්තුව පමණක් ගෙවිය යුතු බවත්, වැඩි විස්තර www.slida.lk යන වෙබ් ලිපිනයෙන් ලබාගත හැකි බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.