ශ්රී ලංකා නිදහස් පක්ෂයාව දෙකඩ වී තිබේ. ඒ අනුව එක් කොටසක් ඩාලි පාරේත්, තවත් කොටසක් කොළඹ විජේරාම මාවතේත් රැස්වී තිබේ.
කොළඹ විජේරාම මාවතේ රැස්වූ 28 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම එහි සභාපති ලෙස ජනපති මෛත්රීපාල සිරිසේන මහතාත්, මහ ලේකම් ලෙස දුමින්ද දිසානායක මහතාත් තෝරාපත්කරගෙන තිබේ.
පක්ෂයේ උපදේශිකාව ලෙස හිටපු ජනපතිනී චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත්කර තිබේ.
මේ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂයේම තවත් කොටසක් ඩාලි පාරේදී රැස්වී තිබේ.
එහිදී පක්ෂයේ සභාපති ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාත්, මහ ලෙකම් ලෙස අනුර ප්රියදර්ශන යාපාත් පත්කරගෙන තිබේ.
දෙපාර්ශ්වයම වැඩි බලය තමන්ට යයි කියති.