ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවසරයකින් තොරව පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවීම වලක්වන අතුරු නියෝගය අගෝස්තු 24 දා තෙක් දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද (07දා) නියෝග කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව එහි සභාපති වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවසරයකින් තොරව රැස්විමට නියමිත බවත් එය වළක්වා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභික ප්‍රසන්න සෝලංගආරච්චි අධිකරණයට ගියේය.