ශ්රී ලංකා නිදහස් පක්ෂය සමග එකතුවන ලෙසට සිදුකරන යෝජනා ප්රතික්ෂේප කරන ලෙස අද (22දා) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටින බව ඒකාබද්ධයේ සමස්ත ලංකා පළාත් පාලන ආයතන සංසදය සඳහන් කරයි.
ඉදිරි මැතිවරණයේදී ශ්රී ලංකා නිදහස් පක්ෂයට ඇපත් නැති වී යන නිසා ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතුවී මැතිවරණවලට ඉදිරිපත් වීමට කුමන්ත්රණයක් සිදුකරමින් සිටින බවට එම සංගමයේ සභාපති ප්රාදේශීය සභා හිටපු සභාපති උදේනි අතුකෝරල මහතා සඳහන් කළේය.
ඉදිරි මැතිවරණවලදී ශ්රී ලංකා නිදහස් පක්ෂය සමග ඒකාබද්ධ වී මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළහොත් ස්වාධීනව කටයුතු කරන බවද ඒ මහතා ප්රකාශ කළේය.
ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන්ගෙන් 95෴ ක් ඇතුළු පළාත් පාලන ආයතන මැතිවරණයට ඉදිරිපත් වී ඇති විශාල පිරිසක් මෙම සංසදය නියෝජනය කරන බවද පවසා සිටියේය.
මේ නිසා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පිරිස් සිදුකරන කුමන්ත්රණවලට හසු නොවන ලෙසටත් අද මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඉල්ලා සිටින බවද මෙහිදී සංසදයේ තීරණය ලිඛිතව ලබාදුන් බවද සඳහන් කළේය.