ශ්රී ලංකා නිදහස් පක්ෂ 66 වැනි සංවත්සරය සැප්තැම්බර් 02 වැනිදා කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වීමට පක්ෂය තීරණය කර තිබේ. පක්ෂ සභාපති ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන පක්ෂ සංවත්සරයට හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට හා මහින්ද රාජපක්ෂ මහතාට විශේෂ ආරාධනා පත්ර මගින් ආරාධනා කිරීමටද සැලසුම් කර ඇත.