ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවූ වංචා හා දූෂන වලට සම්බන්ධ ලිපිගොනු අස්ථානගත කිරීමේ සැලැස්මක් පවතින බවට තමන්ට විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබුණු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනින් හඳුන්නෙත්ති මහතා කියයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතාට ලිපියක් යොමුකරමින් හෙතෙම සඳහන් කරන්නේ එසේ ලිපි ලේඛණ අස්ථානගතවුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවූ බව කියන වංචා හා දූෂන සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) විසින් පරීක්ෂනය කරනු ලබන අතර මෙයට සම්බන්ධ ලිපිගොනු හා තවත් ලිපිගොනු අස්ථාන ගත කිරිමේ සැලැස්මක් පවතින බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.