ඇවන්ට් ගාඩ් අධිපතිවරයා සමග පැවැත්වූ සබඳතා පිළිබඳ සත්‍ය කරුණු රටට හෙළි කරන්නැයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට අභියෝග කළේය.
එසේම අද (09දා) පෙරවරුවේ පිටකෝට්ටේ සෝලිස් ශාලාවේදී මාධ්‍ය හමුවක් පවත්වමින් අධිකරණ අමාත්‍යවරයාගේ හා ඇවන්ට්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතාගේ පවුල්වල සාමාජිකයන් 2006 වසරේදී ඇමෙරිකාවේ ඩිස්නිලන්තයේ කළ සංචාරයක ඡායරූප කිහිපයක්දමාධ්යයට පෙන්වීය.