දකුණු සහ ගිනිකොනදිග ආසියානු කලාපීය රටවල ආරක්ෂක ප්රධානීන්ගේ සැසිය (SASEAN) එළැඹෙන නොවැම්බර් මස 27දා සිට 29දා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිත බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.
දකුණු ආසියානු රටවල් 08ක් සහ ගිනිකොනදිග ආසියානු රටවල් 10ක ආර ආරක්ෂක ප්රධානීන් කොළඹට රැස්වීමට නියමිත බවත් රුසියාව හා චීනය නිරීක්ෂකයන් ලෙසින් සහභාගි වීමට නියමිත බවත් ඔවුහු පවසති.