මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සායනික පුහුණුව ලබාගැනීමට රජයේ රෝහල් ලබාදෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය ශ්‍රේෂ්ඨාධිකරණයේදී එකඟ වුවත් එය මෙතෙක් ක්‍රියාත්මක නොවන නිසා එයට එරෙහිව හෙට (24දා) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන බව මාලඹේ වෛද්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සඳහන් කරයි.
මීට අමතරව මෙම ගැටලුව පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාට සංදේශයක් භාරදෙන බවද එම සංගමයේ කැඳවුම්කරු සුගත විමලචන්ද්‍ර මහතා සඳහන් කළේය.