ඉන්දුනීසියානු එයාර් ඒෂියා QZ8501 යානයේ සොදිසි මෙහෙයුම් තවදුරටත් පුළුල් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඉන්දුනීසියාවේ සුරබයා සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් සිටියදී පසුගිය දෙසැම්බර් 28 වැනිදා ජාවා මුහුදට කඩා වැටුණු යානයේ එම අවස්ථාවේ පුද්ගලයන් 162 දෙනෙකු ගමන් කරමින් තිබුණි.
කෙසේ වෙතත් මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලින් පුද්ගල මළ සිරුරු 37ක් පමණක් හමුවී තිබුණි.
බලධාරීන් පවසන්නේ ඔවුන් මේ වනවිට යානයේ පසුපස කොටස රැඳී ඇති සාගර පතුල නිරීක්ෂණය කර ඇති නිසා කළු පෙට්ටිය සොයා ගැනීම පහසු වනු ඇති බවයි.
නමුත්, කලාපයේ පවතින අයහපත් කාලගුණය සෝදිසි මෙහෙයුම් අඩාල කර ඇති අතර, මළ සිරුරු සෙවීම හා සුන්බුන් ගොඩබිමට ගෙනඒම අපහසු කර ඇති බවද කියයි.