QZ8501 සොයා මුහුදු පතුලට යෑමට කිමිදුම්කරුවන් සූදානම්
ජාවා මුහුදට කඩා වැටුණු ඒයාර් ඒෂියා QZ8501 යානය රැඳී ඇති මුහුදු පතුල වෙත ළඟාවීමට යහපත් වෙමින් පවතින කාලගුණය මධ්‍යයේ අවස්ථාවක් ලැබෙනු ඇති බව කිමිදුම්කරුවන් විශ්වාසය පළ කර තිබේ.
සෝනාර් උපකරණ යොදා ගනිමින් සිදුකළ පරීක්ෂණයේදී යානයේ විශාල කොටස් තුනක් හඳුනාගැනීමට හැකි වී තිබුණත්, මේ දක්වා පැවති අයහපත් කාලගුණය ඒ වෙත ගමන් කිරීම අසීරු කළේය.
ඉන්දුනීසියාවේ සුරබයා සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් සිටියදී, පුද්ගලගයන් 162 දෙනෙකු සමග මෙම යානය පසුගිය ඉරිදා රේඩාර් තිරයෙන් අතුරුදන් වූ අතර, පසුව යානය සාගරයට කඩා වැටී ඇති බව තහවුරු විය.
එම අවස්ථාවේ පැවති අයහපත් කාලගුණය මෙම අනතුරට හේතුව වන්නට ඇති බව විශ්වාස කරයි. කෙසේ වෙතත් යානයේ කළු පෙට්ටි තවම හමුවී නොමැති නිසා, සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි අර්ථකථනයක් ලබාදිය නොහැකි බවද බලධාරීහු පවසති.
යානයේ ගමන්කළ පුද්ගලයන් 30 දෙනෙකුගේ මළ සිරුරු සොයාගැනීමට හැකිවූ අතර, අනෙක් මළ සිරුරු යානය තුළ සිරවී ඇති බව විශ්වාස කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

