QZ8501 සෙවීම තෙවැනි දිනටත් ඇරඹේ
එයාර් ඒෂියා QZ8501 යානය සෙවීමේ මෙහෙයුම් තෙවැනි දිනටත් අද (30දා) ආරම්භ වූ බවත්, යානය ගමන්ගත් මාර්ගයෙන් ඔබ්බට මෙහෙයුම් විහිදුවා ඇති බවත් නිරීක්ෂණ කණ්ඩායම් පවසයි.
කලාපයේ රටවල් මෙන්ම ඇමෙරිකාව, ප්‍රංශය හා ඔස්ට්‍රේලියාව යන රටවල නිරීක්ෂණ කණ්ඩායම්ද ඒකාබද්ධ මෙහෙයුමට සම්න්ධව සිටින බව විදෙස් පුවත්සේවා පවසයි.
එයාර්බස් ඒ320-200 දරණ ගුවන් යානය පුද්ගලයන් 162 දෙනෙකු සමග ගුවන්ගත වී කෙටි වේලාවකට පසුව ඉරිදා උදෑසන අතුරුදන් වූයේ නැගෙනහිර ජාවා හි සුරබයා ගුවන් තොටුපොළේ සිට සිංගප්පූරුව දක්වා ගමන් කරමින් සිටියදීය.
යානයේ ගුවන් නියමුවාගේ අවසන් නිවේදනය වූයේ අයහපත් කාලගුණය හේතුවෙන් යානයේ ගමන් මග වෙනස් කිරීමය.
ඉන්දුනීසියානු ගුවන් පාලක නිලධාරීන් පවසන්නේ ඔවුන් යානයෙන් ලැබුණු එක් ඉල්ලීමක් අනුමත කරමින්, ඉන් විනාඩි දෙක තුනකට පසුව ලැබුණු දෙවැනි ඉල්ලීමට යානය ඉහළට එසවීමට අවසර ලබාදුන් බවයි. නමුත්, ඊට යානයෙන් ප්‍රතිචාරයක් නොලැබුණු බවත්, යානය රේඩාර් තිරයෙන් මැකී ගිය බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.
මේ අතර, යානය මුහුදු පත්ලේ ඇති බව විශ්වාස කරන්නේ යැයි නිරීක්ෂණ කණ්ඩායම් ඊයේ අවධාරණය කළ අතර, යානයේ සුන්බුන් බවට සැක කෙරෙන කොටස් කිහිපයක් නිරීක්ෂණය කළ බවටද තහවුරු නොකළ පුවත් විදෙස් වාර්තාවල පළ විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

