QZ8501 මළ සිරුරු සෙවීමට අයහපත් කාලගුණයෙන් බාධා
ඉන්දුනීසියාවේ ජවා මුහුදු කලාපයට කඩා වැටුණු එයාර් ඒෂියා QZ8501 මගී ගුවන් යානයේ සුන්බුන් හා මළ සිරුරු සෙවීමේ මෙහෙයුම් එම මුහුදු කලාපයේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අතිශය දුෂ්කර කාර්යයක් වී ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
බොර්නිඕවලට ඔබ්බෙන් හමුවූ මෙම සුන්බුන් හා මළ සිරුරු පසුගිය ඉරිදා අතුරුදන් වූ යානයේ සුන්බුන් හා එහි ගමන්ගත් මගීන්ගේ මළ සිරුරු බව ඊයේ (30දා) ඉන්දුනීසියානු බලධාරීන් තහවුරු කළේය.
එමෙන්ම, මේ වනවිට මළ සිරුරු 6ක් ගොඩ ගැනීමට හැකි වූ බවද ඔවුන් පවසා තිබුණි.
එයාර්බස් A320-200 මාදිලියේ ගුවන් යානය ඉන්දුනීසියාවේ සුරබයා ගුවන් තොටුපොළේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබියදී පුද්ගලයන් 162 දෙනෙකු සමග පසුගිය ඉරිදා රේඩාර් පථයෙන් අතුරුදන් වූ අතර, යානයේ සුන්බුන් හා මළ සිරුරු සෝදිසි මෙහෙයුම්වලදී ඊයේ හඳුනා ගැනුණි.
මළ සිරුරු සොයාගත් පුවත සැලවූ අවස්ථාවේදී තම ඥාතීන් පිළිබඳ බලාපොරොත්තුවෙන් සුරබයා ගුවන් තොටුපොළේ සිටි යානයේ ගමන්ගත් පිරිසේ ඥාතී හිතමිත්රාදීන් හඬා වැලපෙද්දී ගුවන් තොටුපොළ එකම මළ ගෙයක් වූ බව විදෙස් පුවත් සේවා පවසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
