සාගරයට කඩා වටුණු එයාර් ඒෂියා QZ8501 යානයේ සොයා ගැනුණු මළ සිරුරුවලින් ප්රථම සිරුරු දෙක ඉන්දුනීසියාවේ සුරබයා නගරය වෙත රැගෙන ආ බව විදෙස් පුවත් සේවා පවසයි.
එහිදී, මෙම මළ සිරුරු හඳුනාගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණ මෙහෙයවීමට නියමිත බවද කියැවෙයි.
එයාර්බස් A320-200 යානය පුද්ගලයන් 162 දෙනෙකු සමග සුරබයා ගුවන් තොටුපොළේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබියදී පසුගිය ඉරිදා අතුරුදන් වූ අතර, යානයේ සුන්බුන් හා මළ සිරුරු පිළිබඳ ප්රථම පුවත ඊයේ (30දා) වාර්තා විය.
බලධාරීන් පවසන්නේ මේ වනවිට මළ සිරුරු 7ක් සොයාගෙන ඇති බවයි. එම සාගර කලාපයේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මළ සිරුරු සෙවීමේ මෙහෙයුම් අතිශය අසීරු වී ඇති බවද බලධාරීන් වැඩිදුරටත් පවසයි.