සාගරයට කඩා වැටුණු එයාර් ඒෂියා යානයේ පසුපස කොටස සාගර පතුලෙන් ගොඩගත් බව විදෙස් වාර්තා පවසයි.
සාගර පතුලේ තිබූ පසුපස කොටස ඉහළට එසවීම සඳහා ජලය තුළ වා බැලූන යොදාගෙන තිබේ.
කෙසේ වෙතත් පසුපස කොටසින් ගැලවී ඇති යානයේ කළු පෙට්ටිය සොයා තවදුරටත් මෙහෙයුම් සිදුවන බවද බලධාරීහු පවසති.
අයහපත් කාලගුණය හේතුවෙන් QZ8501 එයාර් ඒෂියා යානය පසුගිය දෙසැම්බර් 28 වැනිදා රේඩාර් තිරයෙන් අතුරුදන් වූ අතර, ඒ අවස්ථාවේ එහි පුද්ගලයන් 162 දෙනෙක් ගමන් කළහ.