අනතුරට පත් එයාර් ඒෂියා QZ8501 යානයේ කළු පෙට්ටි රැඳී ඇති සාගර පතුල හඳුනාගෙන ඇති බව මෙහෙයුම් සිදුකරන කිමිදුම්කරුවන්ගේ තොරතුරු අනුව එම සෝදිසි මෙහෙයුම් ප්රධානී බැම්බැන්ග් සුලිස්ටෝයෝ පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ අද දිනයේදී කිමිදුම්කරුවන් විසින් ඒවා ගොඩ ගැනීමට කටයුතු කරනු ඇති බවයි.
සාගර පතුලේ ගුවන් යානයේ සුන්බුන්වලට යටවී එම කළු පෙට්ටි රැඳී ඇති බවද ඔහු පවසා තිබේ.
යානයට සැබවින්ම සිදුවූයේ කුමක්ද යන්න දැන ගැනීමට මෙම කළු පෙට්ටිවල පටිගත වූ දත්ත ඉවහල්වනු ඇති බව විශේෂඥයන් පවසයි.
පසුගිය දෙසැම්බර් 28 වැනිදා අයහපත් කාලගුණය හේතුවෙන් යානය ජාවා මුහුදට කඩා වැටෙන විට එහි පුද්ගලයන් 162 දෙනෙක් ගමන් කරමින් සිටියහ.