එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් QZ8501යානය අතුරුදන් වූ කලාපයේ පවතින දූපතකින් නැගෙන දුමාරයක් පිළිබඳ වාර්තා වීමත් සමග ඒ ඔස්සේ නිරීක්ෂණ යානා ගමන් කරන බව වාර්තා වෙයි.
රටවල් රැසක එකතුවෙන් සිදුවන යානය සෙවීමේ මෙහෙයුම් තෙවැනි දිනටත් අද ආරම්භ වූ අතර, මේ වනවිට කලාප 13කට බෙදා සොදිසි සිදුවන සාගර හා ගොඩබිම් කලාප පුළුල් කර ඇති බවද පැවසෙයි.
පුද්ගලයන් 162 දෙනෙකු රැගෙන ඉන්දුනීසියාවේ සුරබයා ගුවන් තොටුපොළේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබියදී පසුගිය ඉරිදා යානය අතුරුදන් විය.
යානයේ නියමුවාගේ අවසන් පණිවුඩය වූයේ යානය අයහපත් කාලගුණික තත්ත්වයකට මුහුණ දෙන බවයි.