මේ වසරේ අගෝස්තු මස 3 වැනිදා වනවිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් ආහාර අලෙවිකරන හා ගබඩා කරන ස්ථාන පරීක්ෂා කිරීම් 27,710 ක් සිදුකළ බව සඳහන් වෙයි.
ඒ අනුව දැනුම් දීම් 2604 ක්, අත්අඩංගුවට ගැනීම් 3236 ක්, නඩු පැවරීම් 2869 ක් හා ස්ථාන වසාදැමීම් 08 ක් සිදුකළ බව එම සංගමයේ ලේකම් සෙනරත් බණ්ඩාර මහතා පවසයි.