ජනතාව වෙනුවෙන් සහන සැලසීමට ඇති රාජ්‍ය නොවන සංවිධාන (NGO) මින් ඉදිරියට ආරක්ෂක අමාත්‍යාංශය හරහා නියාමනය නොකරන බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පවසයි.
ඒ වෙනුවට, එම කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රතිපත්ති සම්පාදක අමාත්‍යාංශය යටතට පවරාගෙන ඇති බව හෙතෙම පෙන්වා දෙයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ 'ශ්‍රී ලංකාවේ මානුෂීය ක්‍රියාන්විතයන් නව මානයක් කරා' යන තේමාවෙන් යුතුව, මානුෂීය සේවායතන සමූහය විසින් පසුගිය 10 වැනිදා සංවිධානය කළ, ශ්‍රී ලංකා මානුෂීය සේවා සමුළුව අමතමිනි.