හිටපු ගායන ශිල්පී එම්.එස්. ප්රනාන්දු මහතාගේ ගීත ගායන කිරීමෙන් බුද්ධීමය දේපළ පනත උල්ලංගණය කළැයි යන චෝදනාව යටතේ නවක ගායන ශිල්පී එම්.ජී ධනුෂ්ක මහතා කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව ඔහු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මහත මුදාහරින ලෙස කොළඹ ප්රධාන මහේ්ස්ත්රාත්වරයා අද (09දා) නියෝග කළේය.
ඔක්තෝබර් 14දා නැවත නඩුව කැඳවූ අතර එදිනට විත්තිය වෙනුවෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන බව එම්.ජී. ධනුෂ්කකගේ නීතිඥවරය උසාවියට දැනුම් දුන්නේය. එම්. එස්. ප්රනාන්දු මහතාගේ පුත් සරත් ප්රනාන්දු එම්.ජී. ධනුෂ්කට එරෙහිව නඩු පැවැරීය.