මහින්ද මහත්තයාට ජම්පර් අන්දන්න කතා කරපු දේශපාලඥයන් නිසා තම කණ්ඩායමට ඡන්දය අඩු වුණු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කළේය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (24දා) අගුණුකොලපැලැස්සේ අමාත්‍යවරයාගේ නිවසේ තිබූ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග වැදුණු අපේක්ෂකයන් වෙනුවෙන් පැවැති රැස්වීමකට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,
'' ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සහ අනෙකුත් පක්ෂවල ඉන්න සමහර දේශපාලඥයන්ගේ කටවල් මේ පරාජයට බලපෑවා. මහින්ද මහත්තයට ජම්පර් අන්දන්න කට්ටිය කතා කළා. ප්‍රජා අයිතිය අහෝසි කරන්න කතා කළා. මම වුණත් ඒකට විරුද්ධයි. ඒක නිසා එතුමට ජම්පර් අන්දනවට මිනිස්සු කැමති නෑ. අපිත් කැමති නෑ. ඒ හින්ද අපේක්ෂකයන්ගේ පවුල්වල අය පවා ගිහිල්ලා එතුමා බේර ගන්න ඡන්දෙ දුන්නා.
ඒ වගේම හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ විකුණනවා කිවුවා. හම්බන්තොට රෝහල චීනෙට විකුණලා කිවුවා. මේවා නිසා ඡන්ද අපිට අඩු වුණා. පොහොර හිඟය, ඉන්ධන ගැටලුව වගේ ප්‍රශ්න රාශියක් එකතු වෙලා තමයි අපි මැතිවරණ ව්‍යාපාරෙ මෙහෙය වූයේ. පසුගිය මැතිවරණ ප්‍රතිඵල බැලුවොත් දිනපු කවුරුවත් නෑ. වැඩිම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වුණු මැතිවරණයක් තමයි මේක. මේ ප්‍රතිඵල ආදේශ කළොත් ජනාධිපතිවරණයකට, මේක ජනමත විචාරණයක් කිවුවා. පොහොට්ටුව පක්ෂයේ කිසිම අපේක්ෂකයෙකුට ජයග්‍රහණය කරන්න පුළුවන් කමක් නෑ. 45%කට අඩුවෙන් තමයි ඒ ඡන්ද ලබාගෙන තියෙන්නේ.'' යැයි ප්‍රකාශ කළේය.