MH370 සොයා මුහුදු පතුල පීරුවත් යානයක් නෑ
අතුරුදන් MH370 ගුවන් යානය සොයා දකුණුදිග ඉන්දීය සාගර පතුල නීරීක්ෂණය කළ බ්ලූෆින් 21 රොබෝ රෝවරය සිය සම්පූර්ණ මෙහෙයුම් අවසන් කර ඇති බව ඔස්ට්‍රේලියාව නිවේදනය කරයි.
ඒ අනුව, අතුරුදන්ව ඇති මැලේසියානු MH370 ගුවන් යානයේ කළු පෙට්ටියෙන් නිකුත් වූවා යැයි මීට පෙර සඳහන් කෙරුණු 'පින්ග්' සංඥා එම ගුවන් යානයෙන් නිකුත් වූ සංඥා නොවන බව තහවුරු කරගෙන තිබේ.
මේ තත්ත්වය තුළ යානය සොයා සිදුකරන මෙහෙයුම් නවතා නොදමන බවත්, තවත් විශේෂ උපකරණ ආධාරයෙන් තවදුරටත් යානය සොයා යන බවත් ඔස්ට්‍රේලියාවේ සිට මෙහෙයුම් ක්‍රියාත්මක කරන කණ්ඩායම පවසයි.
මීට මාස දෙකහමාරකට පෙර අතුරුදන් වුවත්, MH370 ගුවන් යානය පිළිබඳ මේ වනවිටත් තොරතුරක් නොමැති වීම තුළ විශාල අබිරහසක් මතුකර ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
පසුගිය මාර්තු 08 වැනිදා මැලේසියාවේ ක්වාලලාම්පූර් නුවර සිට චීනයේ බෙයිජිං බලා ගමන් කරමින් සිටියදී අලුයම රේඩාර් තිරවලින් යානය අතුරුදන් වූයේ එහි ගමන් ගත් 239 දෙනෙකු සමගිනි.
ඉන් වැඩි පිරිසක් චීන ජාතිකයන් වීම නිසා මෙම යානය නැවත සොයාගැනීමේ මෙහෙයුම්වලදී මැලේසියාව වෙත චීනයෙන් දැඩි බලපෑමක් එල්ල විය. එමෙන්ම, යානය අයත් මැලේසියානු ගුවන් සමාගමද යානයේ අතුරුදන්වීමේ සිදුවීමත් සමග දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති බව වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

