පුද්ගලයන් 239 දෙනෙකු සමග මීට දින 10කට පෙර අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය සොයා මුහුද සහ ගොඩබිම ඇතුළුව වර්ග සැතපුම් මිලියන 30ක ප්රදේශයක් සෝදිසි කිරීමට ලක්ව ඇති බව මැලේසියා බලධාරීහු පවසති.
එය පෘථිවියේ විශාලත්වය මෙන් 10න් එකක් බවත්, මෙය ගුවන් ගමන් ඉතිහාසයේ සිදුකළ විශාලතම සෝදිසි මෙහෙයුම බවත් ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.
මේ වනවිට රටවල් 26ක් මේ සෝදිසි මෙහෙයුම සඳහා දායකත්වය ලබාදී ඇති අතර, ඒ වෙනුවෙන් ශ්රී ලංකාවද හැකි උපරිම සහාය ලබාදෙන බව පවසා ඇත.
මාර්තු 08 වැනිදා රාත්රී 12.40 ට මැලේසියාවෙන් පිටත්ව ගොස් 09 වැනිදා අලුයම 1.40ට රේඩාර් තිරයෙන් අතුරුදන් වූ යානය තවත් පැය 07කට ආසන්න කාලයක් පියාසර කර ඇති බවට සනාථ කළ හැකි චන්ද්රිකා තොරතුරු වාර්තාවීමෙන් යානය පැහැර ගැනීමකට ලක්ව ඇතැයි යන සැකය උද්ගතව තිබේ.
කෙසේ වෙතත් MH370 ගුවන් යානය සෙවීමේ පරීක්ෂණයේදී එය පැදවූ කපිතාන්වරයා සහ සහායක ගුවන් නියමුවා පිළිබඳව මේ වනවිට වැඩි අවධානයක් යොමුව ඇති බවද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
මීට පෙර වාර්තා කළ ආකාරයට යානයෙන් ලැබුණු අවසන් පණිවුඩය ලබාදී ඇත්තේ සහායක නියමුවාය. එහිදී ඔහු සියල්ල නිවැරදියි, සුබ රාත්රියක් යනුවෙන් පවසා ඇත් අතර, මේ තුළින් යම් ආකාරයක රහස් පණිවුඩයක් ලබාදුන්නේද යන ප්රහෙලිකාවද සියල්ලන්ගේම සිත් තුළ ඇති වී තිබේ.
.gif)