පුද්ගලයන් 239 දෙනෙකු සමග පසුගිය මාර්තු 08 වැනිදා අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය සෙවීමේ නවතම කලාපය ඔස්ට්‍රේලියාව විසින් අද (26දා) නිවේදනය කරන ලදී.
ඒ අනුව, යානය සෙවීමේ කටයුතු ඉන්දියන් සාගරයේ තවදුරටත් දකුණු දෙසට සිදුකරන බවත්, එය ඔස්ට්‍රේලියාවට බටහිර වෙරළින් කිලෝමීටර් 1,800ක කලාපයක් තුළ සිදුකෙරෙනු ඇති බවත් එරට නියෝජ්‍ය අගමැති වොරන් ට්‍රස් පවසා සිටියේය.
අතුරුදහන් වූ ගුවන් යානයෙන් අනාවරණය කර ගත් නවතම චන්ද්‍රිකා දත්තවලට අනුව මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
තවදුරටත් අදහස් දක්වන නියෝජ්‍ය අගමැතිවරයා පවසන්නේ, ගුවන් යානය කඩා වැටෙන අවස්ථාවේ එය ස්වයංක්‍රීය පියසර පද්ධතියට (autopilot) යොමු කර තිබූ බව තමන් තරයේ විශ්වාස කරන බවයි.
පිටු 64කින් යුතු වාර්තාවක් ඉදිරිපත් කරන ඔස්ට්‍රේලියානු රජය අවධාරණය කරන්නේ වර්ග කිලෝමීටර් 60,000ක පමණ සාගර පතුලේ සිදුකරන නිරීක්ෂණයක් මේ වනවිටත් අවසන් කර ඇති බවයි.
ගුවන් යානයේ කළු පෙට්ටියෙන් නැගුනේ යැයි සැකකළ සංඥා කිහිපයක් පාදක කරගනිමින් පසුගිය අප්‍රේල් මාසයේ සිට මෙසේ සාගර පතුලේ සිදුකරන මෙහෙයුම් ආරම්භ කෙරිණි. කෙසේ වෙතත්, මැලේසියාවේ ක්වාලලාම්පූර් නුවර සිට චීනයේ බීජිං බලා ගමන් ඇරඹි MH370 යානයේ අතුරුදන් වීම තවදුරටත් අභිරහසක්ව පවතී.