MH370 අතුරුදන් වී මාස 6යි
ලෝක ඉතිහාසයේ මහා අභිරහසක් බවට පත්ව ඇති MH370 ගුවන් යානය අතුරුදන්ව අදට මාස 6ක් ගත වී තිබේ.
මීට මාස 6කට පෙර එනම්, පසුගිය මාර්තු මස 08 වැනිදා මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන් තොටුපළින් අහසට නැගි මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 ගුවන් යානයේ ගමනාන්තය චීනයේ බීජිං නුවර වුවත්, එය ගුවන්ගතවී පැයක පමණ කාලයකින් පසුව රේඩාර් තිරයන්ගෙන් මැකී ගියේය.
යානය දකුණු ඉන්දීය සාගර කලාපය වෙත කඩා වැටී ඇති බව පසුව චන්ද්රිකා දත්ත ඇසුරින් සිදුකළ පරීක්ෂණයන්ගෙන් හෙළි වූවද, යානය සම්බන්ධයෙන් කිසිදු ආකාරයක හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි විය.
මගීන් සහ කාර්යමණ්ඩලයේ පුද්ගලයන් 239 දෙනෙකු සමග මෙම යානය අතුරුදන් වූ අතර, යානයේ ගමන්ගත් වැඩි පිරිසක් චීන ජාතිකයන් විය.
මේ නිසාම, යානය අතුරුදන් වී මාස 6ක් ගෙවෙන අද දිනයේදී චීනයේ අගනගරයේ පිහිටි බෞද්ධ විහාරස්ථානවලට එක්රැස් වූ චීන ජාතිකයන් තම ඥාතීන් සිහිපත් කර ආගමික වතාවත්වල යෙදෙන ආකාරය දැකගත හැකිවිය.
ලෝක ඉතිහාසයේ එදාමෙදාතුර සිදුකළ දැවැන්තම සෝදිසි මෙහෙයුම සිදුකළත් MH370 යනු ලොව ප්රබල රටවල් පවා මුහුණ දුන් ප්රබලතම අභියෝගයක් බවට පත්ව ඇත්තේ එහි අතුරුදන්වීම තවමත් මහා අභිරහසක්ව පවතින නිසාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

