MH17 ට මිසයිල ප්‍රහාරයක් - කළු පෙට්ටියෙන් කියැවෙයි
පුද්ගලයන් 298 දෙනෙකුට මරු කැඳවමින් නැගෙනහිර යුක්රේනයේදී අනතුරට පත් මැලේසියානු ගුවන් සේවයට අයත් MH17 ගුවන් යානය කඩා වැටී ඇත්තේ මිසයිල ප්‍රහාරයකින් බව එහි කළු පෙට්ටි පරීක්ෂා කිරීමේදී සනාථ වී ඇතැයි යුක්රේන බලධාරීහු පවසති.
බ්‍රිතාන්‍ය විශේෂඥයන් පිරිසක් මෙම කළු පෙට්ටි පරීක්ෂා කිරීම සිදුකළ අතර, ඔවුන්ට අනුව මිසයිල උණ්ඩයක් යානය වෙත වැදී ඇති බව දත්ත විශ්ලේෂණයේදී පැහැදිලි වන්නේ යැයි ඔවුහු වැඩිදුරටත් පවසති.
කෙසේ වෙතත්, මෙම මිසයිලය කවුරුන් විසින් එල්ල කරන ලද එකක්ද යන්න තවමත් පැහැදිලි වී නොමැති අතර, එහිදී යුක්රේනය හා කැරලිකරුවන් මේ සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කරමින් සිටිති.
නමුත්, මෙම යානා අනතුර සම්බන්ධ පරීක්ෂණ සිදුකරන නෙදර්ලන්ත විශේෂඥයන් පිරිස යුක්රේනය විසින් ඉදිරිපත් කළ මෙම අදහස සම්බන්ධයෙන් තවමත් ප්‍රතිචාර දක්වා නොමැත.
ඔවුන්, යානය කඩා වැටුණු ප්‍රදේශය වෙත ළඟා වීමේ බාලපොරොත්තුවෙන් සිටියත් දෙවැනි දිනටත් ඒ ආශ්‍රිතව පවතින ගැටුම් හේතුවෙන් නෙදර්ලන්ත හා ඔස්ට්‍රේලියානු විශේෂඥයන්ට ඒ වෙත ළඟා වීමට නොහැකි වී තිබේ.
මෙම අනතුරින් මියගිය අය අතරින් වැඩි පිරිසක් නෙදර්ලන්ත ජාතිකයන්ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

