එල්ටීටීඊ සංවිධානය නැවත ඉස්මතුවීම දැකීමට දෙමළ ජාතික සන්ධානය අකමැති බවත් යුද්ධවලට හා ප්රචණ්ඩත්වයට තම පක්ෂය අකමැති බවද විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අයවැය කාරකසභා විවාදයට අද (20දා) එක්වෙමින් මේබව පැවසූ විපක්ෂනායකවරයා තම මතය ප්රසිද්ධියේ පැවසීමට පසුබට නොවන බවද පවසා සිටියේය.
එබැවින් දෙමළ ජනතාවගේ ප්රශ්න විසඳා දෙන ලෙසත් අත්ඩංගුවේ පසුවන දේශපාලන සිරිකරුවන්ට එරෙහිව ගොනු කොට ඇති නඩු විභාග කොට අවසන් කොට ඔවුන්ට යුක්තිය හා සාධාරණය ඉටුකරන ලෙසද විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියේය.