එල්.ටී.ටි.ඊ. බැංකුවලට උකස් කර තිබියදී රාජ්‍ය සන්තක වූ උතුරේ ජනතාවගේ රන් භාණ්ඩ නැවත එහි නියම හිමිකරුවන්ට බෙදාදීමේ සිදුව තිබේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12දා) කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවති උත්සවයකදී මෙසේ එම රන් භාණ්ඩ නැවත එම ජනතාවට ලබාදීමට පියවර ගෙන තිබේ.
අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්දා, රිෂාඩ් බදියුදීන්, චන්ද්‍රසිරි ගජධීර, උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි, නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් යන මහත්වරු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.