රජයකින් රජයට ලබාදීමේ පදනම මත ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාර (LNG) 03ක් ස්ථාපනය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව චීනය, ජපානය හා ඉන්දියාව විසින් මෙම බලාගාර ඉදිකිරීමට නියමිතය.
චීන රජය හා ඒකාබද්ධව හම්බන්තොට ප්‍රදේශයේ මෙගාවොට් 400ක ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාරයක්ද, ජපාන රජය හා ඒකාබද්ධව මෙගාවොට් 500ක ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාරයක්ද, ඉන්දියානු රජය හා ඒකාබද්ධව මෙගාවොට් 500ක ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාරයක්ද මෙහිදී ඉදි කිරීමට නියමිතය.