ස්වාභාවික වායු බලාගාරය ඉදිකිරීමට අදාළ ටෙන්ඩර් පත් සම්බන්ධයෙන් හෙට (13දා) දිනය තුළ කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස විදුලි බල හා පුනර්ජනනීය අමාත්‍යවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.
දෙවැනි වටයට ඉදිරිපත් වී තිබෙන ටෙන්ඩර් පත් දෙවැනි ඇගයීමකට ලක් නොකර හෙට දිනය තුළදී කොරියානු සමාගමකට මෙම ටෙන්ඩරය ලබාදීමට යන බවට පළවූ මාධ්‍ය වාර්තා සැලකිල්ලට ගෙන මෙම උපදෙස් ලබා දී ඇත.
මීට අමතරව අදාළ ටෙන්ඩරය පිළිබඳව හෙට දිනය තුළ නිවැරදිව වාර්තාවක් ලබාදෙන ලෙසටත් විෂයභාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.