ජාතික ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ බර අරගලය නැවැත්විය යුතුයි
1.56 PM ශ්‍රී ලංකා අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය මේ වන විට ආරම්භ වෙමින් තිබේ.
2.04 PM ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි. ජනපති බිරිඳ ජයන්ති සිරිසේන මහත්මියද මෙම අවස්ථාවට එක්ව තිබේ. ජනපති පිළිගැනීමට කතානායක කරු ජයසූරිය මහතා හා පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දිසානායක මහතා ජනපතිවරයා පිළි ගැනීමට සූදානම් සිටියි.
2.05 PM ජනපතිවරයා අද දිනයේදී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.
2.08 PM ජනපතිවරයා වෙනුවෙන් ආචාර වෙඩි මුර සහිතව ත්‍රිවිධ හමුදා උත්තමාචාර පැවැත්වීමට ආරම්භවිය.
2.23 PM ජනපති පාර්ලිමේන්තු සභා ගරභයට පැමිණ කතා නායක පුටුවේ අසුන් ගනියි.
2.34 PM ජනපති රාජාසන කතාව ආරම්භ කරයි.
2015 සැප්තැම්බර් ඉදිරිපත් කළ ප්‍රකාශයේම දිගුවක් ලෙස මෙය ඉදිරිපත් කරමි.
සම්මත කර ගත් ජනතාවාදී අණපනත් කිහිපයක් තිබෙනවා.
ජාතික ඖෂධ පනත, 19 වැනි සංශෙෘ්ධනය වැදගත් වෙයි.
සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය යථාර්ථයක් වී තිබෙනවා.
විධායක ඉසලූ කිසිම කෙනෙක් බලය සිදලූයේ නෑ. නමුත් උපරිම බල කප්පාදුව කිරීමට හැකිවීම සම්මුතිවාදී දේශපාලනයේ සැබෑ තත්ත්වයයි.
අටවැනි පාර්ලිමේන්තුවේ සම්මත කළ අණපනත් බොහෝමයක් ආර්ථිකයට වැදගත්.
ආර්ථිකයට වැදගත් පනත් 18ක් සම්මත කළා.
රටේ ණය බර කෝටි දස ලක්ෂයකට අධිකයි.
තොරතුරු දැනගැනීමේ පනත ආසියාවේ බලවත්ම පනතයි.
GSP බදු සහනය අපිට නැවත ලබා ගැනීමට හැකිවුණා.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් බිලියන 13ක ශුද්ධ ලාභයක් 2017දී ලැබුවා.
ග්‍රාමීය ආර්ථික සංවර්ධන ව්‍යාපෘතිවලින් 25%ක් කාන්තාවන් වෙනුවෙන්.
නිවාස වැඩසටහන විශාල ප්‍රගතියක් පෙන්වා ඇත. 2015 සිට පවුල් තුන් ලක්ෂයකට නිවාස ලබාදුන්නා.
මිශ්‍ර ජනන සැලැස්මක් අපි ඉදිරිපත් කර තිබෙනවා. විදුලිය ලබාගත නොහැකි පවුල් 275000කට රජයේ වියදමෙන් විදුලිය දුන්නා.
නියඟය කෘෂිකර්මාන්තයට බාධාවුණා. එය 30%ක පමණ අඩුවීමක්.
කාබනික පොහොර සඳහා ගොවියන් දිරිගැන්වීමේ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කළා.
දිවයින පුරා පාරිභෝගික සමිති නව මුහුණුවරකින් හඳුන්වා දුන්නා.
ඖෂධ 48ක මිල අඩුකළා. පිළිකා රෝගීන්ට අවශ්‍ය වියදම් රජයෙන්, ස්ටෙන් නොමිලයේ ලබාදුන්නා.
මධ්‍යසාර ප්‍රතිපත්තිය ගැන සතුටුවෙනවා. වකුගඩු රෝග නිවාරණය වෙනුවේන පුළුල් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කළා.
වෘත්තීය හා කාර්මික අධ්‍යාපන සිසුන් සඳහා පාඨමාලා නොමිලයේ හැදෑරීමට අවස්ථාව දුන්නා.
සමෘද්ධි ප්රතිලාභ දෙගුණ කළා. වැඩිහිටි දීමනාව වැඩි කළා. ගැබිණි මව්වරුන්ගේ දීමනාව 2000ක් කළා. මහපොළ 5000ක් බවට පත්කළා.
කටුනායක ධාවන පථය කෙටිකාලයකින් නවීකරණය කළා. සංචාරක ක්ෂේත්රය විදේශ විනිමය උපයන තෙවැනි ක්ෂේත්රය බවට පත්ව තිබෙනවා.
ආබාධිත රණවිරුවන් සඳහා විශේෂ වැටුප් හා දීමනා ලබාදුන්නා.
රජයේ හා පුද්ගලික ඉඩම් අක්කර 40475ක් නිදහස් කර තිබෙනවා. ඒ අනුව 85%ක් නිදහස් කර තිබෙනවා.
මොරගහකන්ද වාරි ව්‍යාපෘතියෙන් විශාල ප්‍රගතියක් ඇතිවුණා.
කුඩා වැව් 2500ක් ප්‍රතිසංස්කරණ කිරීම යටත් විජිත යුගයෙන් පසුව කරන යෝධ ව්‍යාපෘතියක්.
පොලිතීන් ප්ලාස්ටික් සම්බන්ධයේන දැඩි නීතිරීති පැනවූවා. කඩොලාන සංරක්ෂණය කිරීමේ පුරෝගාමී රාජ්‍ය බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.
කසළ කළමනාකරණයට ස්ථිර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා.
අප හමුවේ ඇති අභියෝග තුරන් වී නොමැත.
ණය බර කළමනාකරණය කිරීම, දූගී බවෙන් ජනතාව මුදා ගැනීම, රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය අවශ්‍යයි.
රටේ සංවර්ධනය වේගවත් කිරීමට අවශ්‍යයි. මේ සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගය අවශ්‍යයි.
දූෂණයෙන් හා අක්රමිකතාවයෙන් තොර රාජ්‍ය සේවයක් ක්‍රියාත්මක කළ යුතුයි.
පරිවර්තනීය යුගයක් දුෂ්කර හා ජනප්‍රිය නොවන කාලපරිඡ්චේදයකි.
ශ්‍රී ලංකාවේ වාර්ෂික දරු උපත් 331000කි, මරණ සංඛ්‍යාව 131000කි.
රටකට ඉලක්ක තිබෙනවා. වර්තමාන රජය බිහිකළේ ජාතියේ අනාගතය වෙනුවෙන් ප්රබුද්ධ වූ ඉලක්ක සපුරා ගැනීමේ අපෙක්ෂාවෙනි.
අප සිටින්නේ දේශපාලනය බලය උරගා බලන තත්ත්වයක් නොවේ.
ජාතික ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ බර අරගල නැවැත්විය යුතුයි. එයින් පීඩා විදින්නේ ජනතාවයි.
ජනතා නියෝජිතයින් සමූහික න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක නැංවිය යුතුයි.
සංවර්ධන පසුවිපරම් ක්‍රියාමාර්ගයක් හඳුන්වා දෙනවා.
රජය පිළිබඳ විවේචන එල්ල වෙනවා. ඒ විවේචන පිළිබඳව ස්වයං විවේචනය නිරත වී තිබෙනවා.
සියලු දූෂිතියන්ට නීතිය ක්‍රියාත්මක කිරිම ඒකායන අරමුණයි. ජාතික ආණ්ඩුව පිහිටුවීම පිළිබඳව විවේචන ඉදිරිපත් වෙනවා.
දේශපාලන පළිගැනීම් නැවැත්විය යුතුයි. රජය පිහිටුවීමේදී අභියෝග ගණනාවක් තිබුණා.
සෑම අංශයකින්ම සාර්ථක ප්‍රතිඵල ලබාගත්තා සේම තවදුරටත් කටයුතු කළ යුතුයි.
ගජමිතුරු ආර්ථිකය පරදවා සමාජ මිතුරු ආර්ථිකයක් ගොඩ නැගිය යුතුයි.
සාර්ථකව කෘෂිකර්මාන්තයේ නියැලීමට අවස්ථාව උදා කළ යුතුයි. කෘෂිකර්මාන්තයට තාක්ෂණය යොදා ගැනීම ප්‍රමාණවත් නෑ.
අපනයන කෘෂිකර්මාන්තයට පිවිසිය යුතුයි.
පළාත් සභා ක්‍රමය ශක්තිමත් කිරීම අවශ්‍ය වෙනවා. උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් ස්ථිර දේශපාලන විසඳුමකට යා යුතුයි.
පශ්චාත් යුද කළමනාකරණය අභියෝගයක්.
සයිබර් ආරක්ෂාව,භෞමික ආරක්ෂාව, මානව ආරක්ෂාව පිළිබඳව අවධානය ෙයාමුකළ යුතු ෙවයි.
ජාත්‍යන්තරය හා මැද මාවතේ ගමන් කළ යුතුයි.
2015 යුග පෙරළිය සම්පූර්ණ වී නෑ.
විපක්ෂයේ කාර්ය භාරය වෙනස් මගක් ගත යුතුයි. ජාතික ආණ්ඩුවේ සහෝදර පක්ෂයන්හි ක්‍රියාමාර්ගද වෙනස් විය යුතුයි.
ජාතික ආණ්ඩුව ක්‍රියාත්මක විය යුත්තේ වජ්ජීන් අනුගමය කළ ක්‍රියාමාර්ග අනුවයි.
අපගේ උරුමයන් මෙන්ම, සංස්කෘතියන් ඉස්මතු වූ දේශපාලන චින්තයක් මත කටයුතු කළ යුතුයි.
පොදු ජනතාවගේ දේශපාලන ස්ඵන්දනය හඳුනාගෙන කටයුතු කළ යුතුයි.
ශ්‍රී ලංකාව නැගී සිටිමට පෙරට ඒමට ආරාධනා කරනවා.
ජනපතිගේ සම්පූර්ණ ප්‍රකාශය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.












