යම්කිසි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් JVP හෘදසාක්ෂිකරුවන් යන නමින් තම පක්ෂයේ නිල ලිපිනය හා දුරකථන අංක, ෆැක්ස් අංක සඳහන් කරමින් ව්‍යාජ ෆේස්බුක් පිටුවක් නිර්මාණය කර තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මෙම ක්‍රියාව වහාම නවතා දෙන ලෙස ඉල්ලා ඔවුන් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක්ද යවා ඇත.
https://www.facebook.com/pages/jvp යන වෙබ් ලිපිනය හරහා ජනතා විමුක්ති පෙරමුණ විසින් පළකරන ෆේස්බුක් පිටුවක් ලෙස මෙය සකසා තිබෙන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
කෙසේ වෙතත් අද පස්වරුව වන විට එම පිටුව ඉවත්කොට තිබුණි.