ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ධුරයේ වෙනසක් සිදුකිරීමට යන බව වාර්තා වෙයි.
රොස්මන්ඩ් සේනාරත්න මහතා මේ වනවිට ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ලෙස කටයුතු කරයි.
ඌව මැතිවරණය සම්බන්ධයෙන් සන්ධාන රජයේ වැඩසටහන් ප්රචාරය කිරීම ප්රතික්ෂේප කිරීම මත ඇති වූ මතභේදයක් මෙම වෙනසට හේතුව බව ආරංචි වෙයි.
මේ අතර, අනුර සිරිවර්ධන මහතා සභාපති ධුරයට පත් කිරීමේ සූදානමක් ගැනද රාවයක් පවතී.