ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යයක් වෙනුවෙන් සටන් වදින ISIS අන්තවාදීන් සමග සම්බන්ධ වීමට යුරෝපයෙන් ගිය අන්තවාදය වැළඳ ගත් පිරිස 3,000 දක්වා වැඩි වී ඇති බව යුරෝපා සංගමයේ ප්‍රති-ත්‍රස්ත නායකයා පවසයි.
සුන්නි අන්තවාදීන්ට එරෙහි ඇමෙරිකානු ප්‍රහාර දිනෙන් දින උත්සන්නවත්ම, යුරෝපය වෙත ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමේ අවදානම වැඩි වි ඇති බවද හෙතෙම පවසයි.
ඉරාකය විසින් සුන්නි අන්තවාදීන්ගේ ඉලක්ක වෙත පසුගිය අගෝස්තු මාසයේ සිට ගුවන් ප්‍රහාර 200කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති අතර, පසුගිය සඳුදා සිරියාවේ අන්තවාදී ඉලක්ක වෙතද ඔවුන්ගේ ප්‍රහාර ඇරඹීය.
මේ අතර, අද දිනයේදී සුන්නි අන්තවාදීන් වෙත ගුවන් ප්‍රහාර වෙත එක්වීමේ එකඟත්වය ලබාගැනීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතය.
පසුගිය මාස කිහිපය තුළ ඉරාකයේ හා සිරියාවේ විශාල කොටසක බලය ඇල්ලූ සුන්නි අන්තවාදීන්, මර්දනය කිරීමට මේ වනවිට ඇමෙරිකාව ප්රමුඛ සන්ධානය ක්‍රියාත්මක වී ඇත.