ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයක් වන අයි.එස්.අයි.එස්. සංවිධානයෙන් සම්පූර්ණයෙන්ම දුරස්ව සිටින්නැයි සමස්ත ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ජම්ඉයිතුල් උලමා සංවිධානය පවසයි.
මෙම සංවිධානයේ ක්‍රියාවන් සහමුලින්ම ඉස්ලාමීය ඉගැන්වීම් උල්ලංඝනය කරමින් ජිහාඩ් සංකල්පය ඉතා වැරදි අයුරින් අර්ථ දැක්වීමක් කරන බැවින් ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාව ඒ පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවද උලමා සංවිධානය සඳහන් කළේය.
අයි.එස්. සංවිධානය සමග ශ්‍රී ලාංකික මුස්ලිම්වරයෙකු සම්බන්ධ වූ බවට පළවන වාර්තා පිළිබඳව ශ්‍රී ලාංකීය මුස්ලිම් ප්‍රජාව කම්පනයට පත්ව සිටින බව හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.