ISIS මඬින්න මැදපෙරදිග සහාය දිගටම - කෙරී ඊජිප්තුවේ
ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් කොටුකර ගැනීම වෙනුවෙන් ඇමෙරිකාව ප්රමුඛව ආරම්භ කිරීමට යන පුළුල් සන්ධානය වෙත සහාය ලබාගැනීමේ අරමුණින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඊජිප්තුව වෙත පැමිණියේය.
එහිදී, කෙරී අරාබි ලීගයේ නායක නබිල් අල්-අරාබ් කයිරෝ නුවරදී මුණ ගැසීමට නියමිත අතර, එය කෙරීගේ මැදපෙරදිග සංචාරයේ නවතම ගමනාන්තය වෙයි.
මෙම මැදපෙරදිග සංචාරයේදී මුලින්ම සෞදි අරාබියේ පැවති සාකච්ඡාවලදී අරාබි රාජ්‍යයන් 10ක සහාය ඇමෙරිකාව වෙත හිමිව ඇති අතර, ඒ රටවල් අතර සෞදි අරාබිය මෙන්ම කටාර් රාජ්‍යයද වෙයි.
කෙසේ වෙතත්, මෙම සන්ධානයේ ඉරානය නොමැති බව ජෝන් කෙරී ඊයේ දිනයේදී කියා සිටියේය.
ඊජිප්තුව වෙත පැමිණීමට පෙර කෙරී තුර්කිය වෙතද පැමිණි අතර, එහිදීද අවශ්‍ය සහාය ලබාගැනීමට ඔහු සමත් විය.
ඇමෙරිකානු මධ්‍යම බුද්ධි තොරතුරු කාර්යාංශය පෙන්වා දෙන්නේ ඔවුන් මීට පෙර තක්සේරු කර ප්‍රමාණයට වඩා තුන් ගුණයක සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් සිරියාවේ සහ ඉරාකයේ සිටින බවයි. එය සංඛ්යාත්මකම 30,000ක් පමණ බව කියැවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

