ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදීන්ගේ අත්අඩංගුවේ පසුවූ දෙවැනි ඇමෙරිකානු මාධ්යවේදියාගේද ගෙල සිඳ මරා දමන ම්ලේච්ඡ වීඩියෝවක් අන්තර්ජාලයට මුසුකර ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
ස්ටීවන් සොට්ලොෆ් නමැති මොහු 2013 වසරේ සිරියාවේදී අතුරුදන් වී තිබුණු අතර, ඇමෙරිකානු ගුවන් ප්‍රහාර වෙනුවෙන් කරන පලිගැනීමක් ලෙස ඔහුගේ ගෙල සිඳ තිබුණි.
පසුගිය මාසයේදී සුන්නි අන්තවාදීන් විසින් ඇමෙරිකානු මාධ්‍යවේදී ජේම්ස් ෆෝලේ ගෙල සිඳ මරා දමන වීඩියෝව අන්තර්ජාලයට මුසුකළ අවස්ථාවේදී එම වීඩියෝවේ අවසානයට ස්ටීවන්වද පෙන්වමින් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් කළේය.
කෙසේ වෙතත්, ෆෝලේගේ ඝාතනයෙන් පසුව ස්ටීවන්ගේ ජීවිතය ආරක්ෂා කරන ලෙස ඔහුගේ මව ISIS නායකයාගෙන් විවෘත ඉල්ලීමක් කර තිබුණත්, ඒ සම්බන්ධයෙන් ISIS කිසිවක් ප්‍රකාශ කළේ නැත.